තිරුවා‍

ඔන්න ඉතින් මං කිව්ව‍නෙ රාජසිංහ රජතුමා ගැන තව කතා කියනව කියල, කතා ඇති තරම් ලියන්න නමි පුලුවන් වැඩේ තියෙන්නෙ හැමෝම කියවල යනව විතරයිනෙ...comment එකක් දාල follow කරනනත් අමතක කරන්න එපා, ඒක තමයි මට කරන උදව්ව..ඔන්න ඉතින් එහෙනම් කතාවට බහිමුකෝ...

ඔය තිරුව කියන්නෙ රාජසිංහ රජතුමාගේ මාලිගාවෙ හිටපු සේවකයෙක්. මේ තිරුවට හිටිය ටිකක් ලාබාල රූමත් බිරිදක්.අපේ රජතුමත් මේ දිහා ඇහැ ගහගෙන හිටියෙ..වැඩේ තියෙන්න මේ තිරුව හැම වෙලේම ගෙදර හිටපු නිසා රජතුමාටත් කරගන්න දෙයක් නැතිව හිටියෙ.තිරුවත් තමන්ගෙ බිරිදගෙ රූප සොබාවයි රජ්ජුරුවන්ගෙ ගති සොබාවයි දෙකම දැනගෙන හිටපු හින්න ඇහැ ගහගෙන තමයි හිටියෙ.මේ හින්ද රජතුමාට තිරුවගෙ බිරිද එක්ක කාකරන්නවත් බැරි තත්වයක් තිබුනෙ.

රජතුමා බැරිම තැන මේකට හොද උපායක් යෙදුව. රාජසිංහ රජතුමා සටකපට කම් වලට බොහොම දක්ෂය කියල තමයි කියන්නෙ.රජතුමා මොකද කලේ මේ තිරුවව යවනව රාජ සේවයක් නියම කරල අඹගමුව කියන ගමට.මේ ගම තියෙන්නෙ මහවැලි ගගෙන් එගොඩ.ඔරුවෙන් එගොඩවෙලා තමා යන්න ඕනෙ. තිරුව එගොඩට ගියාට පස්සෙ ඔරුව ආපහු මෙගොඩට නොපදින්න ඕනෙ කියල පවරල තව සේවකයෙක්ට පොඩි ගතමනාවක් දීල පිටත් කරන්නත් රජතුමා අමතක කලේ නෑ.
දැන් ඔන්න වෙලාව. තිරුවත් ගෙදර නෑ.තිරුවගෙ බිරිද විතරයි ගෙදර.රජතුමා තිරුවගෙ ගෙදර දොරට තට්ටු කරල කවියක් කියනව.මම කිව්වනෙ රජතුමා දක්ෂය කියල
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා මෙ මම අඹගමුවට යවා                     ඇත
බොරුව කියා කී රවටා                          නොසිත
හැර දොර මෙපුර මහරජ මමයි                     කත
මෙන්න ගේ ඇතුලෙන් පිරිමි කටහඩකින් මෙහෙම ඇහෙනව,
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා එතත් නොඑතත් මට කමක්              නැත
කෙරුව හරිද රජතුමනුත් රැවටී                     ඇත
තිරුවා මමයි මම අඹගමු ගියේ                    නැත
රජතුමා ගැන දන්න තිරුව රජතුමාව වඩා කට්ටය. තිරුව මොකද කරල තිබුනෙ අසනීපයි කියල බොරු ලෙඩක් අරගෙන ගෙදර නැවතිලා තිබුන.මේක ඇහුණු රජතුමා වෙච්ච ලැජ්ජාවටයි කේන්තියටයි වෙව්ලන්න අරන්..ඒක දැකපු තිරුවගෙ බිරිද මේවගේ කවියක් කිව්වාලු.
කුකුලන්ගේ කැලේ  රජ දන්නේ                නැද්ද
කුකුලන් කන කෑම රජ දන්නේ                 නැද්ද
කුකුලන්නේ මාලු රස කර                නොඋයද්ද
හකුලන්නෙ යළුම මායා                        උණින්ද
ඔන්න රජතුමාට  වෙච්චි සංගදිය, මඩ ගැහුව නෙමේ ඔන්න. කියෙව්වට පස්සෙ මෙලෝ රහක් නැත්නම් එකත් ලියල යන්න..මං ගියා ආයෙ හමුවෙමු. ඡායාරූපය ලංකාපුර වෙබ් අඩවියෙන්

සියැටල්

imageසියැටල්
සියැටල් (Seattle/Seathl) ගැන මං හිතන්නෙ අහල ඇති හැමෝම, දන්නැත්නම් සියැටල්  කියන්නෙ ඇමෙරිකාවෙ සියැටල් කියන ප්‍රදේශයෙ හිටපු දුවාමිෂ් (Duwamish Indian Tribe)කියන රතු ඉන්දීය ගෝත්‍රයෙ යුධ නායකයෙක්. මේ සියැටල්  ප්‍රදේශයෙ මේ  නමින් හදුන්වන්නත් හේතුව මේ නායකයම තමා.1854 දි මේ දුවාමිෂ් ගෝත්‍රය පදිංචි වෙලා හිටපු ප්‍රදේශය ඇමෙරිකානුවන් විසින් ජනාවාimageස ගොඩනගා ගත්ත.ටික කාලෙකදි ඔවුන් ටික ටික මේ දුවාමිෂ් ගෝත්‍රය පදිංචි වෙලා හිටපු ප්‍රදේශයටත් ළං උනා.මේ වෙද්දි මේ දෙපිරිස අතර ගැටුම් ඇති වෙන්නත් පටන් ගත්ත.මේ නිසාවෙන් ඇමෙරිකානුවන් මේ ප්‍රදේශය මිලදී ගන්න සූදානම් වුනා.මේ වෙලාවෙ තමන්ගෙ ගෝත්‍රය වෙනුවෙන් ඉදිරිපත් වුණු සියැටල් ඇමෙරිකාවෙ එවකට ජනාධිපතිව හිටපු ෆ්‍රැන්ක්ලින් පියර්ස් (Franklin Pierce) වෙතට ලිපියක් යවනව..ඔහු මේ ලිපියෙන් තමාගෙ හැගීම් ගැඹුරුව සියුමිව විග්‍රහ කරල තියෙනව ඒ හේතුවෙන්ම මේ ලිපිය  බොහොම වැදගත් වෙනව.කියවල බලන්න මේ කතාව අදටත් කොයි තරම් අදාලද කියල.පරිවර්තනයෙදි මේකෙ අර්ථයට හානියක් නොවන අයුරින් පරිවර්තනය කරන්න මං උපරිම උත්සාහ ගත්ත.ඒක කොයිතරම් දුරට සාර්ථකද කියල තීරණය කරන එක කියවන ඔබ සැමට බාරයි.මේ වගේ ලියන්න ධෛර්‍යය ශක්තිය ලැබෙන්නෙ ඔබගෙ අදහස් වලින්. කියවල නිකම්ම නොයා හිතට එන ඕනම දෙයක් ලියල යන්න.

වොෂින්ට‍නයේ සිටින ශ්‍රේෂ්ඨ නායකයාණන් අ‍පගේ යහපත් අනාගතය හා මිත්‍රත්වය පතන බවත් අපගේ නිජ දේශය මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටිති. නමුත් දේශයක් මිලයට ගන්නේ හෝ මිලයට දෙන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත.හමායන මද පවනේ නැවුම් බව හෝ ගලායන ජලයේ කාන්තිය මිලයට ගන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත.
මහ පොළව සතු වන සියළු අංගයක්ම මගේ ජනයාට පවිත්‍ර වෙයි පූජනීය වෙයි.දිදුලන පයින් ගහක පත්‍රයන්, රන්වන් වැලිකැට, තණ බිම් තුල වැතිර පවතින තුෂර බිදු, ගුම් නදින් මුමුනණ කෘමීන් මේ සියල්ල අපගේ පවිත්‍ර අනුස්මරණයන් සහ අත්දැකීම් වෙයි.
වෘක්ෂයන් තුලින් ගලා යන යුශ අපගේ ශරීරය තුල ගලා යන රුධිරය වැනිය. අප මිහි මඩලේ එක් කොටසක් පමණක් වන අතර මිහි මඩල අපගේම එක් කොටසක් පමණක් වෙයි.සුගන්ධවත් පුෂ්පයන් අපගේ සහෝදරියන්ය. වලසුන්,මුවන්, උතුම් රාජාලියන් අපගේ සහෝදරයන්ය. ශෛලමය කදු මුදුන්, දෙණි බිම් වල පැතිර පවතින තුෂර බිදු, පෝනි‍යෙකුගේ ශරීර උණුසුම සමගින් අප එකම ගෝත්‍රයකි එකම පවුලකි.
දිය දහරාවන්හි හා ගංගාවන්හි ගලායන කාන්තිමත් දිදුලන ජලය අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරය වෙයි.අප අපගේ භූමිය ඔබට මිලයට දුනහොත් ඔබ දැනගත යුතුයි එය පූජනීය වස්තුවක් බව.ජල තලය මතුපිට දිලිසෙන සෑම සෙවනැල්ලක්ම මගේ ජනතාවගේ මතකයන් සහ සිදුවීමි කියාපායි.ජලය තුලින් මතුවන මිමිනීම ගුමු ගුමු නාදය මගේ පියාගේ පියාගේ හඩ වෙයි.
අපගේ සහෝදරයින් වන ගංගාවන් අපගේ පිපාසය සංසිදුවයි.අපගේ ඔරු ඔසවාගෙන යන ඔවුන් අපගේ දරුවන් ‍පෝ‍ෂණය කරවයි.ඒ නිසාවෙන් ඔබ විසින්ද ගංගාවන් වෙත ඔබගේ සහෝදරයෙක්ට දක්වන දයාව කරුණාව දැක්විය යුතුවෙයි.
අවට හමායන සුළග අපට මාහැගි සම්පතක් වෙයි.සුළගෙහි ඇති ජීව ගුණය සෑම ජීවියෙක් සමගම එය බෙදා ගනී, අපගේ මුතුන්මිත්තන්ට ප්‍රථම සුසුම් පොද තුලින් ජීවය දුන්නා සේම ඔහුගේ අවසන් ලබාගති.අපගේ දරුවන්ටද ජීව ප්‍රාණය ඔවුන් විසින් ලබාදෙන නිසාවෙන් ඔබත් එය පවිත්‍රව පූජනීයව තබාගත යුතුයි තණ බිම්හි පිපි පුෂ්පයන් මගින් සුගන්ධවත්ව හමා යන පවන එවිට ඔබටද විදිය හැකියි.
මේ මිහිමඩල අපගේ මෑණියන් බවත්, මිහිමත සිදුවන සෑම දෙයක්ම මිහිමතේ දරුවන් වන අපටද සිදුවන බවටත් අප විසින් අපගේ දරුවන්ට ඉගැන්වූ ආකාරයෙන් ඔබත් ඔබගේ දරුවන්ට උගන්වාවි යැයි අප සිතනවා.
අප දන්නේ මේ මිහිමඩල මිනිසාට නොව මිනිසා මිහිමඩලට අයිති බවයි.අප සැම එක්කරන රුධිරය ලෙසින් මිහිමත සියලුම දේ එකට බැදී පවතී.මිහිමත ජීවය වියමන වියන ලද්දේ මිනිසා විසින් නොව ඔහු හුදෙක් එහි එක් නුල් හුයක් පමණි.ඒ වියමන ට ඔහු සිදුකරන සියල්ක්ම ඔහුටම සිදුකරගැනීමක් වෙයි.
අප දන්නා එක් දෙයක් වෙයි. ඒ අපගේ දෙවියන් ඔබගේද දෙවියන් වන බවයි. මේ අගර්ග මිහිතලයට සිදුකරන කිසිදු හෝ හානියක් ඔහුට කරන්නා වූ අ‍ගෞරවයක් අවමානයක් වෙයි.
ඔබගේ ඉරණම අපට අභිරහසක් වෙයි.සියළුම ගවයින් ඝාතනය කිරී‍මෙන් පසුව, සියළු වනගත අශ්වයින් හීලෑ කීරීමෙන් පසුව  කුමක් සිදුවෙයිද?වනාන්තරයේ ගුප්ත සීමාවන් සියල්ල මිනිසුන්ගේ ගන්දයෙන් පිරී ගිය විට පරිණත කදු මුදුන් හි දර්ශනය රැහැන් මගින් නොපෙනීගිය විට කුමක් සිදුවේද? මූකළාන් වන ගොමු කොතැනක වෙයිද? රාජාලියන් කොතැනක වෙසෙයිද? ඒ සියල්ල මිහිමතින් තුරන් වේවි.
අවසන් රතු ඉන්දිනානුවත් මේ වනාන්තරයෙන් අතුරුදන් වීමෙන් ඔහුගේ මතකය මේ පසු තැනිතලාව හරහා හමායන එකම වලාකුළක සෙවණැල්ලක් වේවි. මේ ජල දහරාවන් මේ වනාන්නර එවිටත් මෙහි වේවිද?මගේ ජනයාගේ එකදු හෝ ආත්මයක් ඉතිරි වේවිද?
අප මේ මිහිතලයට ආදරය කරන්නේ අලුත උපන් බිලිදෙකු ඔහුගේ මවගේ හදගැස්මට ආදරය කරන්නාක් මෙනි.අ‍පගේ බිමට ඔබ පැමිණෙනවානම් අප එයට ආදරය කල අයුරින්ම ඔබත් එයට ආදරය කරන්න,අප එය දයාවෙන් රැකි අයුරින්ම දයාවෙන් රකින්න,මේ බිමෙහි මතකය ඔබ ලබා ගන්නා විට තිබූ අයුරින්ම තබාගන්න. මේ බිම සියලුම දරුවන් වෙනුවෙන් රැක ගන්න, එයට ආදරය කරන්න.
අප මේ බිමෙහි කොටසක් වන්නා සේම ඔබද මේ බිමෙහි කොටසක් වන්නේය, මේ බිම අපට අනර්ඝ වන්නා සේම ඔබටද අනර්ඝ වන්නේය.
එක් දෙයක් අප නියමාකාරයෙන් දන්නෙමු. අප සියල්ලන්ටම ඇත්තේ එක් දෙවියෙක් පමණි, ඕනෑම මිනිසෙක් රතු හෝ සුදු වේවා අප සියල්ලෝම සහෝදරයින්ය...෴

ඡායාරූප Wikipedia
Related Posts Plugin for WordPress, Blogger...
 
ප්‍රකාශන හිමිකම් (c) 2011 සංහිත
නිර්මාණය සවීර ගමගේ