Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

අන්දරේ සහ තන 18+

අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?
දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න...

රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

කොට දිග මහත රවුමට උල් වෙච්ච            තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ                තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි          අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ  දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

දෙවැනි රාජසිංහ රස කතා

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියන්නෙ ලියනවනම් මේ ‍බ්ලොග් එකම පිරෙන්න ලියන්න තරම් රස කතා ගොඩක කතා නායකයෙක්.විශේෂයෙන්ම කියන්න ඕනෙ මට මුලින්ම මේ ‍බ්ලොග් එකේ රාජසිංහ රජතුමා ගැන ලියන්න හේතුව තුන්පත් රටා බ්ලොග් එකේ තිබිල මේ ලගදි කියවපු මෙන්න මේ ලිපි

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා බොහොම දක්‍ෂයි හිටිවන කවි කියන්න.රජතුමා වටා ගෙතුනු කවි වගේම ඒවයේ පසුබිම් කතාත් බොහොම රසවත්.සාමාන්‍ය ඇදුමින් සැරසී රට වටා සැරිසරපු එක රාජසිංහ රජතුමාගෙ සිරිතක්. දවසක් ඔය විදිහට රහසින් යද්දි පැල් රකිමින් සිටි ලස්සන තරුණියක් දැකල  පොඩි හිතක් පහල වුණු රාජසිංහ රජ්ජුරුවෝ මේ තරුණියට  නොපෙනෙන්නට සැගවීලා  හිටිවන කවියක් කිව්වලු.

දිලිසෙන සිසි නමල් මුවනෙක පෑ      සොබන
සොබන දෙපියයුරු වසමින් සළු            පටින
පටින් සමන් වරලස බැඳ බැඳ                යටින
සිටින මෙනුඹ කාරණා කිම ලඳ             ඔතන

මේක අහගෙ හිටපු අර තරුණිය දැක්කෙවත් නැති රජතුමාට ඇහෙන්න පිළිතුරු කවියක් කිව්වලු මෙන්න මෙහෙම. මේකනම් ගොඩක් අය අහල ඇති.

ලස්සන හිමවතේ මා වී                පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා              දමන්නේ
රැක්මෙන දෙවියන්නේ වෙල බත්      බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්              රකින්නේ

මේක අහපු රාජසිංහ රජතුමා සතුටට පත් වෙලා හැංගිලා හිටි තැනින් එලියට ඇවිත්.මේ හැංගිලා කවි කිව්වෙ රාජසිංහ රජ්ජුරැවන් බව දැක්ක මේ තරුණිය බයවෙලා පැලත් දාල දුවන්න ගත්තලු. රජතුමත් පරාදවෙන්න කැමති නැති නිසා තව කවියක් කිව්වලු.

විකලා මරණ සිහ රජෙකුත් නොවී           නම්
විදලා මරණ වැදි රජෙකුත් නොවී            නම්
ඇනලා මරණ කුළු මීමකු නොවී              නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්


රජතුමාට බයවෙලා පැනල දුවපු මේ තරුණිය දුවන එක නතර කරල රජතුමාට මෙහෙම කිව්වලු.

රෑන පිට රෑන තුඩ රෑන ගීය               න්
අල්ලා අතට දුන්නත් අතට ඊය         න්
බළලුන් දුටුවාම බිය නැද්ද මීය        න්
දුටුවාම බිය නැද්ද රාසිං දෙවිය        න්

රජතුමා පස්සෙ දවසක මේ තරුණිය හොයාගෙන හිටිවන කවි කීමෙ දක්ෂතාවයට සම්මාන වශයෙන් දෙවියන්ගේ වෙල නින්දගම් කරල ඇයට පැවරුවයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.


රාජසිංහ රජතුමා ගැන තව කතා තියෙනව.ඒව ඊලග පෝස්ට් එකෙන්.පිංතුරය wikipedia. comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.
Related Posts Plugin for WordPress, Blogger...
 
ප්‍රකාශන හිමිකම් (c) 2011 සංහිත
නිර්මාණය සවීර ගමගේ