තිරුවා‍

ඔන්න ඉතින් මං කිව්ව‍නෙ රාජසිංහ රජතුමා ගැන තව කතා කියනව කියල, කතා ඇති තරම් ලියන්න නමි පුලුවන් වැඩේ තියෙන්නෙ හැමෝම කියවල යනව විතරයිනෙ...comment එකක් දාල follow කරනනත් අමතක කරන්න එපා, ඒක තමයි මට කරන උදව්ව..ඔන්න ඉතින් එහෙනම් කතාවට බහිමුකෝ...

ඔය තිරුව කියන්නෙ රාජසිංහ රජතුමාගේ මාලිගාවෙ හිටපු සේවකයෙක්. මේ තිරුවට හිටිය ටිකක් ලාබාල රූමත් බිරිදක්.අපේ රජතුමත් මේ දිහා ඇහැ ගහගෙන හිටියෙ..වැඩේ තියෙන්න මේ තිරුව හැම වෙලේම ගෙදර හිටපු නිසා රජතුමාටත් කරගන්න දෙයක් නැතිව හිටියෙ.තිරුවත් තමන්ගෙ බිරිදගෙ රූප සොබාවයි රජ්ජුරුවන්ගෙ ගති සොබාවයි දෙකම දැනගෙන හිටපු හින්න ඇහැ ගහගෙන තමයි හිටියෙ.මේ හින්ද රජතුමාට තිරුවගෙ බිරිද එක්ක කාකරන්නවත් බැරි තත්වයක් තිබුනෙ.

රජතුමා බැරිම තැන මේකට හොද උපායක් යෙදුව. රාජසිංහ රජතුමා සටකපට කම් වලට බොහොම දක්ෂය කියල තමයි කියන්නෙ.රජතුමා මොකද කලේ මේ තිරුවව යවනව රාජ සේවයක් නියම කරල අඹගමුව කියන ගමට.මේ ගම තියෙන්නෙ මහවැලි ගගෙන් එගොඩ.ඔරුවෙන් එගොඩවෙලා තමා යන්න ඕනෙ. තිරුව එගොඩට ගියාට පස්සෙ ඔරුව ආපහු මෙගොඩට නොපදින්න ඕනෙ කියල පවරල තව සේවකයෙක්ට පොඩි ගතමනාවක් දීල පිටත් කරන්නත් රජතුමා අමතක කලේ නෑ.
දැන් ඔන්න වෙලාව. තිරුවත් ගෙදර නෑ.තිරුවගෙ බිරිද විතරයි ගෙදර.රජතුමා තිරුවගෙ ගෙදර දොරට තට්ටු කරල කවියක් කියනව.මම කිව්වනෙ රජතුමා දක්ෂය කියල
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා මෙ මම අඹගමුවට යවා                     ඇත
බොරුව කියා කී රවටා                          නොසිත
හැර දොර මෙපුර මහරජ මමයි                     කත
මෙන්න ගේ ඇතුලෙන් පිරිමි කටහඩකින් මෙහෙම ඇහෙනව,
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා එතත් නොඑතත් මට කමක්              නැත
කෙරුව හරිද රජතුමනුත් රැවටී                     ඇත
තිරුවා මමයි මම අඹගමු ගියේ                    නැත
රජතුමා ගැන දන්න තිරුව රජතුමාව වඩා කට්ටය. තිරුව මොකද කරල තිබුනෙ අසනීපයි කියල බොරු ලෙඩක් අරගෙන ගෙදර නැවතිලා තිබුන.මේක ඇහුණු රජතුමා වෙච්ච ලැජ්ජාවටයි කේන්තියටයි වෙව්ලන්න අරන්..ඒක දැකපු තිරුවගෙ බිරිද මේවගේ කවියක් කිව්වාලු.
කුකුලන්ගේ කැලේ  රජ දන්නේ                නැද්ද
කුකුලන් කන කෑම රජ දන්නේ                 නැද්ද
කුකුලන්නේ මාලු රස කර                නොඋයද්ද
හකුලන්නෙ යළුම මායා                        උණින්ද
ඔන්න රජතුමාට  වෙච්චි සංගදිය, මඩ ගැහුව නෙමේ ඔන්න. කියෙව්වට පස්සෙ මෙලෝ රහක් නැත්නම් එකත් ලියල යන්න..මං ගියා ආයෙ හමුවෙමු. ඡායාරූපය ලංකාපුර වෙබ් අඩවියෙන්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
ප්‍රකාශන හිමිකම් (c) 2011 සංහිත
නිර්මාණය සවීර ගමගේ